සිවිල් අංශය

01.උප්පැන්න, මරණ සහ විවාහ සහතික පිටපත් ලබා ගන්නේ කෙසේද?

1960 සිට 2020 දක්වා කාල පරාසය තුළදී ලියාපදංචි කරන ලද උපත්,විවාහ හා මරණ සහතික පිටපත් දිවයිනේ ඔිනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හිදී ලබා ගත හැක.දත්න පද්ධතියේ ඇතුලත්ව නැති සහතික උපත,විවාහ හා මරණයය සිදුවූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහතික පිටපත් ලබා ගත හැකිය. ඉල්ලුම් පත්‍ර ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබා ගත හැකිය.

02.විවාහ ලියාපදිංචි කිරීම කරන්නේ කෙසේද?

විවාහ පාර්ශවකරුවන් පදිංචි කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්වරයා හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිටින අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා වෙත දින 14 කට පෙර විවාහ දැන්වීම් භාර දී විවාහය ලියාපදිංචිය පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගන්න.

03.ශ්‍රී ලංකාවෙන් පිටත සිදු වූ උපතක් හෝ මරණයක් ලියාපදිංචි කරන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවෙන් පිටත සිදු වූ උපතක් හෝ මරණයක් ලියාපදිංචි කරවා ගැනීම පිණිස කොළඹ 10 මාලිගාවත්ත පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ මධ්‍යම ලේඛනාගාරය වෙත ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කල හැකිය. උපතක් ලියාපදිංචි කිරීම පිණිස ඒ සමග මව්පියන්ගේ ගමන් බලපත්‍ර, රෝහල් වාර්තා සහ අදාල රටින් නිකුත් කල උප්පැන්න සහතිකය ඉදිරිපත් කල යුතුය. මරණයක් ලියාපදිංචි කිරීම පිණිස මියගිය තැනැත්තා පිළිබඳ තොරතුරු සහ මරණයට හේතුව සනාථ කරන ලියවිලි ඉදිරිපත් කල යුතුය.

04.දරුකමට හදාවඩා ගන්නා දරුවකුගේ උපත නැවත ලියාපදිංචි කර ගන්නේ කෙසේද?

දරුකමට හදාවඩා ගන්නා දරුවකුගේ උපත  නැවත ලියාපදිංචි කරවා ගැනීම පිණිස බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ අංක 234/ 3 දරණ ස්ථානයේ පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ  ප්‍රධාන කාර්යාලය වෙත ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කල හැකිය. උපතක් නැවත ලියාපදිංචි කිරීම පිණිස මව්පියන්ගේ  උප්පැන්න සහතික, විවාහ සහතිකය, දරුකමට ගැනීම පිලිබඳ සහතිකය සහ දරුවාගේ උපත කලින් ලියාපදිංචි කර ඇත්නම් එම උප්පැන්න සහතිකය ඉදිරිපත් කල යුතුය.

05.දරුකමට ගැනීම පිලිබඳ සහතිකයේ පිටපතක් ලබා ගන්නේ කෙසේද?

දරුකමට ගැනීම ලියාපදිංචි කරන ලද්දේ 2013.01.01 දිනට පෙරදී නම්, කොළඹ 10 මාලිගාවත්ත පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ මධ්‍යම ලේඛනාගාරය වෙතද, දරුකමට ගැනීම ලියාපදිංචි කරන ලද්දේ 2013.01.01 දිනට පසුව නම්, බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ අංක 234/ 3 දරණ ස්ථානයේ පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙතද ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කල යුතුය.

06.උප්පැන්න, මරණ හෝ විවාහ සහතිකයක පරිවර්තන පිටපතක් ලබා ගන්නේ කෙසේද?

බත්තරමුල්ලශ්‍රී සුභූතිපුර පාර සුහුරුපාය ගොඩනැගිල්ලේ සේවා පියසේ පරිවර්තන කවුළුවෙන් හෝ වෙබ් අඩවියේ සඳහන් භාෂා පරිවර්තකයන් වෙත ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කල යුතුය.

07.උප්පැන්න,  විවාහ සහ මරණ ලේඛනවල තොරතුරු නිවැරදි කිරිම හා සංශෝධනය

සිදුවීම සිදුවූ ස්ථානය අයත් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කල යුතුය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා හමුවී වැඩිදුර තොරතුරු ලබා ගන්න.

News & Events

28
Jul2026
වඩාත් වගකීම්සහගත රාජ්‍ය සේවයක් වෙනුවෙන් මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්වෙයි! 🇱🇰

වඩාත් වගකීම්සහගත රාජ්‍ය සේවයක් වෙනුවෙන් මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්වෙයි! 🇱🇰

වඩාත් වගකීම්සහගත රාජ්‍ය සේවයක් වෙනුවෙන් මාතලේ ප්‍රාදේශීය...

23
Jul2026
ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - මාතලේ - 2026.07.15

ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - මාතලේ - 2026.07.15

ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - මාතලේ ========================================...

Scroll To Top