🇱🇰 මහ පොළොවට ආශිර්වාද පතමින් පැවැත් වූ "මහා දෙවොල්මඩු ශාන්තිකර්මය" සාර්ථකව නිම වෙයි! 🙏✨
රෝග පීඩා, වසංගත උවදුරු දුරු වී රටටත්, ජනතාවටත් සෙත් ප්රාර්ථනා කිරීමේ අරමුණින් මාතලේ ප්රාදේශීය ලේකම් කාර්යාලය සහ මධ්යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන ලද අඩුක්කු පූජාව, දාන මණ්ඩපය සහ පත්තිනි රන් සළඹින් ජනයාට සෙත් වඩන "මහා දෙවොල්මඩු ශාන්තිකර්මය" පසුගිය මාර්තු 20 වන දින මාතලේ කුඹියන්ගොඩ විද්යාසේඛර මූලමහා පිරිවෙන් විහාර පරිශ්රයේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.
කුඹියන්ගොඩ විද්යාසේඛර පිරිවෙන් විහාරාධිපති පූජ්ය තලාතුඔයේ සමිද්ධිසිරි හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සිදු වූ මෙම පුණ්ය මහෝත්සවය සඳහා ප්රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වී ආශිර්වාද ලබා ගන්නා ලදී.
ගොවිතැන් බත් සරුසාර වේවා! 
ධන ධාන්ය වර්ධනය වේවා! 
සමස්ත ලක්වැසි ජනයාට සෙත් ශාන්තිය උදාවේවා!
මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට සහයෝගය දැක්වූ සියලුම රාජ්ය නිලධාරීන්ට, දායක සභාවට සහ සැදැහැවත් ජනතාවට අපගේ ස්තූතිය පිරිනමන්නෙමු.















