ජූනි 15 වන දිනට යෙදුන ලෝක වැඩිහිටි අපයෝජන දැනුවත් කිරීමේ දිනය නිමිත්තෙන් මාතලේ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය මගින් සංවිධානය කරන ලද වැඩිහිටි ප්රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 ජූනි ජූනි 16 වන දින කාර්යාලයේදී පවත්වන ලදී.
මෙහිදී වැඩිහිටි අපයෝජනය සිදුවන ආකාරය හා එම අපයෝජන වැළැක්වීම සම්බන්ධව රටේ පවතින නීති හා රෙගුලාසිය පිළිබඳව දැනුවත් කිරීමක් මාතලේ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශන නිලධාරී ඉන්දික රත්නායක මහත්මා විසින් පවත්වන ලද අතර, එදිනෙදා ජීවිතයේ වැඩිහිටියන් ට මුහුණ පෑමට සිදුවන ඇතැම් අනතුරු වලින් ආරක්ෂා වීම මූලික කරගනිමින් ප්රථමාධාර පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ප්රථමාධාර උපදේශන නිලධාරී වසන්ත දයාවංශ මහතා විසින් පවත්වන ලදී.
මාතලේ ප්රාදේශීය ලේකම් බී.පී සේනාධීර මහතාගේ උපදෙස් හා මග පෙන්වීම අනුව, වැඩිහිටි හිමිකම් ප්රවර්ධන නිලධාරි හා සමාජ සේවා නිලධාරින් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
















