පසුගියදා නිමාවට පත් වූ 2026 ජාත්යන්තර කාන්තා දින සැමරුම නිමිත්තෙන්, මාතලේ ප්රාදේශීය ලේකම් කාර්යාලය විසින් විශේෂ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
කාන්තා හා ළමා කටයුතු අමාත්යාංශය යටතේ ලියාපදිංචි වී ඇති කාන්තා කාර්ය සංවිධාන නියෝජනය කරමින් සාමාජිකාවන් 125 දෙනෙකුගේ සක්රීය සහභාගීත්වයෙන් මෙම අවස්ථාව වර්ණවත් විය.
වත්තල ආයුර්වේද ප්රජා සෞඛ්ය වෛද්ය නිලධාරී වෛද්ය ඥානක පාඩියප්පෙරුම මහත්මා.විසින් රසවින්දනය පිලිබදව වටිනා දේශනයක් පවත්වන ලදී.
කාන්තා ව්යවසායකත්වය දිරිගැන්වීමේ අරමුණින් පවත්වන ලද තරගයේ ජයග්රාහිකාවන්:
පලාත් අමාත්යංශ - පළමු ස්ථානය : රන්දිමා පියුමාලි
**ස්තූතිය:**
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහය වූ මාතලේ ප්රාදේශීය ලේකම් බී.පී සේනාධිර මහතා, වනිතා සංවර්ධන නිලධාරීතුමිය ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයටත්, සහභාගී වූ දිරිය මව්වරුන්ටත්, සහෝදරියන්ටත් අපගේ හෘදයාංගම ස්තූතිය!
















