"සුවපත් වැඩිහිටි දිවියකට උපදෙස්" - විශ්රාමිකයන් දැනුවත් කිරීමේ වැඩසටහන සාර්ථකව නිමාවෙයි

මාතලේ ප්රාදේශීය ලේකම් බී.පී. සේනාධිර මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ, අප කාර්යාලයේ විශ්රාම වැටුප් අංශයේ සේවාලාභීන් වන වැඩිහිටි ප්රජාවගේ සේවා තෘප්තිය හා සෞඛ්ය තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා සාර්ථකව පවත්වන ලදී.
"සුවපත් වැඩිහිටි දිවියකට උපදෙස්" යන තේමාව ඔස්සේ පැවැති මෙම වැඩසටහන, මාතලේ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ **ඵලදායිතා ඒකකය** විසින් සංවිධානය කරන ලදී.
මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබාදෙන ලද්දේ මාතලේ ප්රාදේශීය සෞඛ්ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ බෝ නොවන රෝග පිළිබඳ වෛද්ය නිලධාරි ඩබ්.කේ.එස්.එම්. වික්රම මහත්මිය සහ එම කාර්යාලයේ සෞඛ්ය නිලධාරින් පිරිසක් විසිනි.
අවුරුදු 60ට වැඩි විශ්රාමික මහත්ම මහත්මීන්ගේ නිරෝගිමත් හා ක්රියාශීලී ජීවන රටාවක් වෙනුවෙන් අවශ්ය වටිනා උපදෙස් රැසක් මෙහිදී ලබා දීමට කටයුතු යෙදිණි.
 
administrativeico720655586 1027602403269308 5077314960001121803 n

News & Events

28
Jul2026
වඩාත් වගකීම්සහගත රාජ්‍ය සේවයක් වෙනුවෙන් මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්වෙයි! 🇱🇰

වඩාත් වගකීම්සහගත රාජ්‍ය සේවයක් වෙනුවෙන් මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්වෙයි! 🇱🇰

වඩාත් වගකීම්සහගත රාජ්‍ය සේවයක් වෙනුවෙන් මාතලේ ප්‍රාදේශීය...

23
Jul2026
ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - මාතලේ - 2026.07.15

ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - මාතලේ - 2026.07.15

ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - මාතලේ ========================================...

Scroll To Top