ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - මාතලේ 2025.07.16
මාතලේ ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම, සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්රී , බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජ්ය අමාත්ය ගමගෙදර දිසානායක මැතිතුමන්ගේ ප්රධානත්වයෙන් මාතලේ ප්රාදේශීය ලේකම් කාර්යාල ශ්රවණාගාරයේදී (2025-07-16) පැවැත්විණි.
මෙම අවස්ථාවට දේශපාලන නියෝජිතයින් මෙන්ම මාතලේ ප්රාදේශීය ලේකම් බී.පී සේනාධීර මහතා ඇතුළු කොට්ඨාසයේ ආයතන ප්රධානීන් සහ රාජ්ය නිළධාරින් රැසක් සහභාගි විය.



ජූනි 15 වන දිනට යෙදුන ලෝක වැඩිහිටි අපයෝජන දැනුවත් කිරීමේ දිනය නිමිත්තෙන් මාතලේ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය මගින් සංවිධානය කරන ලද වැඩිහිටි ප්රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 ජූනි ජූනි 16 වන දින කාර්යාලයේදී පවත්වන ලදී.
මෙහිදී වැඩිහිටි අපයෝජනය සිදුවන ආකාරය හා එම අපයෝජන වැළැක්වීම සම්බන්ධව රටේ පවතින නීති හා රෙගුලාසිය පිළිබඳව දැනුවත් කිරීමක් මාතලේ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශන නිලධාරී ඉන්දික රත්නායක මහත්මා විසින් පවත්වන ලද අතර, එදිනෙදා ජීවිතයේ වැඩිහිටියන් ට මුහුණ පෑමට සිදුවන ඇතැම් අනතුරු වලින් ආරක්ෂා වීම මූලික කරගනිමින් ප්රථමාධාර පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ප්රථමාධාර උපදේශන නිලධාරී වසන්ත දයාවංශ මහතා විසින් පවත්වන ලදී.
මාතලේ ප්රාදේශීය ලේකම් බී.පී සේනාධීර මහතාගේ උපදෙස් හා මග පෙන්වීම අනුව, වැඩිහිටි හිමිකම් ප්රවර්ධන නිලධාරි හා සමාජ සේවා නිලධාරින් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.



මාතලේ ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම (2025-02-11)
මාතලේ ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම, සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්රී , බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජ්ය අමාත්ය ගමගෙදර දිසානායක මැතිතුමන්ගේ ප්රධානත්වයෙන් මාතලේ ප්රාදේශීය ලේකම් කාර්යාල ශ්රවණාගාරයේදී (2025-02-11) පැවැත්විණි.
මෙම අවස්ථාවට දේශපාලන නියෝජිතයින් මෙන්ම මාතලේ ප්රාදේශීය ලේකම් බී.පී සේනාධීර මහතා ඇතුළු කොට්ඨාසයේ ආයතන ප්රධානීන් සහ රාජ්ය නිළධාරින් රැසක් සහභාගි විය.





පොදු පළාත් දිනය , ළමා හිමිකම් කමිටුව හා මත්ද්රව්ය නිවාරණ කමිටුව
මාතලේ ප්රාදේශිය ලේකම් කොට්ඨාසයේ පොදු පළාත් දිනය , ළමා හිමිකම් කමිටුව හා මත්ද්රව්ය නිවාරණ කමිටුව ප්රාදේශීය ලේකම් බී.පී සේනාධීර මහතාගේ මූලිකත්වයෙන් 2025.03.26 දින ප්රාදේශිය ලේකම් කාර්යයාලයේදී පවත්වන ලදී.
මෙම අවස්ථාව සදහා කොට්ඨාසයේ රාජ්ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන් හා ප්රාදේශිය ලේකම් කාර්යයාලයේ ග්රාම නිලධාරීන්, ක්ශේත්ර නිලධාරීන්ද සහභාගි වූහ



කදුකර දශකය සංවර්ධන වැඩසටහන යටතේ වෙන් කරන ලද රුපියල් මිලියන 5.2ක මුදලින් සුර්ය බල විදුලි ව්‍යාපෘතියක් මාතලේ ප්රාදේශීය ලේකම් බී.පී සේනාධීර මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ආරම්භ කරන ලදී.
එමගින් ,කිලෝවොට් 40ක විදුලි බලයක් නිපදවන අතර එම ප්‍රමාණය කාර්යාලයේ ප්‍රයෝජනයට අමරතරව අතිරික්ත විදුලි බලයක්ද නිෂ්පාදනය කරනු ලබයි.
මෙම ව්‍යාපෘතිය මගින් කාර්යාලයේ දෛනික විදුලි අවශ්‍යතාව සපුරාගැනීමට හැකිවන අතර, නිෂ්පාදනය කරනු ලබන අමතර විදුලි බලයෙන් ලැබෙන මුදලින් මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී අධ්‍යාපනය හදාරණ දරුවන් වෙනුවෙන් මූල්‍යමය, ද්‍රව්‍යාදාර ලබා දීම සදහා හා ආබාධිත ,වැඩිහිටි ප්‍රජාවන්ගේ සුබසාධන කටයුතු සඳහා යෙදවීමට යෝජනා කර ඇත.














